Published
සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොණ්ඩ කටුවකින් සීගිරියේ කැටපත් පවුරේ ඉංග්රීසි අකුරු හයක් ලියු බවට සැකකපිට මෙම තරුණිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ දිනයේදීයි.
එලෙස අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක්.
ඇය තවත් පිරිසක් සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්රියාව සිදුකර තිබුණා.




