දිගින් දිගටම ඇදහැළෙන අධික වර්ෂාවත් සමග මේ වන විට පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් වාර්තාකරුවන්ගෙන් අද අළුයම අප විමසීමක් කළා.
මේ, පොළොන්නරුවේ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු චන්දික ලියනගේ.
ඊයේ වන විට වැඩිම අවදානමකට ලක්ව තිබුණේ බදුල්ල දිස්ත්‍රික්කයයි.
ඒ අනුව බදුල්ලේ තත්ත්වය කෙබඳුදැයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාරගෙන් විමසීමක් කළා.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනක හඳුන්පතිරාජ මහතා.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙනවා.
ඒ අනුව අද අලුයම 2 සිට හෙට පස්වරු 2 දක්වා වූ පැය 24ක කාලය සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ එනම් රතු නිවේදනයක් නිකුත් කරමිනුයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ බව පැවසුවේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, මොණරාගල දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය මෙලෙස පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩ නිකුත්කළ දිස්ත්‍රික්ක වනවා.




