රජයෙන් වැටුප් හෝ දීමනා දෙකක් ලබමින් තවදුරටත් රාජ්‍ය සේවයේ රැඳී සිටින තවත් පිරිසක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සිවිල් ක්‍රියාකාරික දිනේෂ් ද අල්විස් මහතායි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් දහසය දෙනෙකු මෙලෙස රජයෙන් වැටුප් හෝ දීමනා දෙකක් ලබන බව සිය පැමිණිල්ල මගින් ඔහු කරුණු දක්වා තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස කලක් සේවය කළ සිවිල් ක්‍රියාකාරික සුගීශ්වර බණ්ඩාර මහතා ඉකුත්දා අත්අඩංගුවට ගැනුණේද රජයෙන් වැටුප් දෙකක් ලැබූ බවට වන චෝදනාවක් යටතේයි.

හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස මෙන්ම ජනාධිපති අරමුදල යටතේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඔහු වැටුප් ලබා ඇතැයි ප්‍රකාශ කෙරුණා.

එලෙස අත්අඩංගුවට ගත් සුගීශ්වර බණ්ඩාර මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.