Published
ගලෙන්බිඳුනුවැව, හුරුළුනිකවැව - රත්මල්වැටිය ප්‍රදේශයේ වෙළද සැලකින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන් වෙළදසැල් හිමිකරුගේ මිතුරෙකුගේ ඥාතියෙකු බව පවසා සැකකරු එම වෙළද සැලේ සිටි කාන්තාවකගෙන් රුපියල් 7,500 ක් ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
යාබද වෙළද සැලකින් ලබාගත් භාණ්ඩ සදහා මුදල් ගෙවීමට යැයි පවසා සැකකරු එම මුදල ලබාගෙන යතුරු පැදියකින් පලාගොස් තිබෙනවා.
යතුරු පැදියේ සිටි අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමටද විමර්ශන ක්‍රියාත්මකය බවයි ගලෙන්බිදුණුවැව පොලීසිය පැවසුවේ.




