ව්‍යාජ අමෙරිකානු ඩොලර් සියයේ නෝට්ටු තොගයක් සමග කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි එම සැකකාරියගේ නිවසේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමට පකිස්ථාන ජාතිකයෙකුද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

එම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය විදේශිකයකදී මුද්‍රණය කර මෙරටට ගෙන්වා ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මෙරට ව්‍යාපාරිකයන් රවටා එම ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අලුත්කඩේ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.