දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ රසිකා ගුණතිලක මහත්මිය පැවසුවේ.
''උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතුළු ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.''
ඊයේ පස්වරුවේ ඇදහැළුණු මහ වැසි හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකම මාර්ග තැනින් තැන ජලයෙන් යට වුණා.
මේ හේතුවෙන් එම මාර්ග ආශ්‍රිතව පැවතියේ දැඩි රථ වාහන තදබදයක්.
එමෙන්ම ඇදහැළුණු මහ වැසි හමුවේ කොළඹ කොටුව සහ මරදාන අතර ඊයේ පස්වරුවේ දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුවුණා.
ඒ අනුව සියලු දුම්රිය ධාවනය කෙරුණේද ප්‍රමාදවීම් සහිතවයි.
කෙසේවෙතත් බිද වැටුණු එම සංඥා පද්ධතිය මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බවත් දුම්රිය දැන් සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.




