තැපැල් වර්ජනය දිනෙන් දින දැන් උත්සන්න වෙමින් තිබෙනවා.
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති අද කොළඹ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටට පැමිණියා.
ඒ, රාජකාරි ආරම්භ කිරීමට නොව සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමටයි.
ඒ සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටියා.
මේ අතරතුර අද පෙරවරුවේ සිට මධ්‍යම තැපැල් හුවමාරුව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනු දැකගත හැකි වුණා.
තැපැල් වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළේ ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින්.
තැපැල් වෘත්තීය සමිති වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 05 වන දිනටයි.
කෙසේවෙතත් විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේ අදාල ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ඉටු කරමින් ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ රජයේ පාර්ශ්වයෙන් කිසිදු සාකච්ඡාවකට මෙතෙක් අවස්ථාවක් ලැබී නොමැති බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
එහෙත් විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම වර්ජනය පිටුපස ඇත්තේ දේශපාලන අරමුණක් බවයි.
මේ අතරතුර අද දිනයේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව පවසමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇතැයි සඳහන්.
එමෙන්ම සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වනදා සිට අවලංගු වන බැවින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවීමටත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ වැටුප මෙන්ම තැපැල් සේවයේ සුරක්ෂිතතාවය ද අතිශය වැදගත් බවයි.
සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රවීන්ද්‍ර අමරජීව මහතා සඳහන් කළේ, ජනතාව අපහසුතාවයට පත් නොකර වර්ජනය අවසන් කරන ලෙස සෙසු තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවයි.
වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බව තැපැල් බලධාරින් පවසනවා.




