රටට අතිශය වටිනාකමක් එක් කල, ජාතික වස්තුවක් තරම් වටිනාකමක් තිබූ මෙරට ජීවත් වූ දැවැන්තම ඇතා වන කාවන්තිස්ස හස්තියාගේ සිරුර සංරක්ෂණය නොකර භූමදානය කර ඇතැයි පරිසරවේදීන් පවසනවා.

නේචර් ශ්‍රී ලංකා නිර්මාතෘ, සමාජ ක්‍රියාකාරිකා ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවේ කිසිදු බළධාරියෙකුට මෙම සද්ධන්තයාගේ සිරුර සංරක්ෂණය කිරීම සදහා කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි.

ඇය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.