Published
ලොව පළමුවරට පැවැත් වූ දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නේපාලය කඩුලු 07කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දියාව අද සමත් වුණා.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවති එම තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වුණේ මෙරට පැරණිතම ටෙස්ට් ක්‍රීඩාංගණය වන කොළඹ පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදීයි.
එම තරඟාවලියට ඕස්ටේ්රලියාව, පාකිස්ථානය, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව සමගින් කණ්ඩායම් 06ක් සහභාගි වුණා.




