සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ‘ සමීපතමයින් දෙදෙනෙකු අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජංගම සංචාරයේ නියැලී සිටි පොලිස් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශවල පදිංචි තරුණයින් දෙදෙනෙක්.

සැකකරුවන් සතුව තිබී ජාවාරම් මගින් උපයාගත් රුපියල් ලක්ෂ 26ක මුදලක්, හෙරොයින් තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසුවා.

බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද පොලීසිය පැවසුවා.