ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

එහි රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි.

රන් පදක්කම සඳහා වූ දෙපිල අතර අවසන් තරගය අද පැවැත්වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 216යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 69ට සියලු දෙනා දැවී ගියා.