සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, ජේ්‍යෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උන්වහන්සේගේ මෙම පත්වීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පිළිගන්වනු ලැබුවා.