මෙවර පොසොන් සතිය අදින් ආරම්භ වනවා. එය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක බවයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

2,333 වන මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වන්නේ “අනුබුදු දහමින් ලොවම නිවේවා” යන්නයි.

ජාතික පොසොන් උත්සවය මිහින්තලය සහ අනුරාධපුර නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන බවයි අටමස්ථානාධිපති, ආචාර්ය, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පැවසුවේ.

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය සහ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය කරන මූලික පහසුකම් වේ වන විට සූදානම් කර ඇති බව පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසුවේ.

මිහින්තලය සහ අනුරාධපුරයට පැමිණෙන පැමිණෙන සැදැහැවතුන්ගෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී ඉල්ලීමක්ද කළා.