වැල්ලවාය - මොණරාගල ප්‍රධාන මාර්ගයේ පැල්වත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා බුත්තල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ත්‍රීරෝද රථයක් සහ වෑන් රථ දෙකක් එකිනෙක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක්.

ඔවුන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.