රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා පිරිසෙන් වැඩිම පිරිස ආරක්ෂක අමාත්‍යංශයට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. එම සංඛ්‍යාව 12,433ක්. ශ්‍රී ලංකා යුද හමුදාවට 4,415 දෙනෙකු ඒ යටතේ බඳවා ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව 5,200ක්. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට 11,889ක් බඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ යටතේ වෛද්‍යවරුන් 1,408 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි. හෙඳ නිලධාරින් 3,147ක් ද බඳවා ගනු ඇති. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් 976 දෙනෙකු ද මේ යටතේ බඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ. රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමට නියමිත උපස්ථායකයින් සංඛ්‍යාව 1,000ක්. සෞඛ්‍ය කාර්ය සහායකයින් 1,939 දෙනෙකු ද මෙහිදී බඳවා ගැනීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් සහායකින් සහ ලියාපදිංචි සහායකයින් 1,000 බැගින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. තැපැල් සේවා නිලධාරින් 600ක් ද මේ යටතේ බඳවා ගනු ඇති. උප තැපැල් සේවා ස්ථානාධිපතිවරුන් 378 දෙනෙකු ද බඳවා ගැනීමටයි නියමිතව ඇත්තේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ එක් එක් අමාත්‍යංශවලට ඔවුන්ගේ අවශ්‍යතාවය මත බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි.

  මෙලෙස රාජ්‍ය සේවයට එක්වීම සඳහා රැකියා විරහිත උපාධිධාරින්ට ද අවස්ථාවක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසුවේ.