හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද(27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 91 වන වියේ පසුවුණා.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා තිබෙනවා.