දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන සරත් කුමාර් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු අද දින පෙරවරු 11.05ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
දකුණු ඉන්දීය නළු සරත් කුමාර් ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය කලාකරුවෙක්.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණින් දින 04ක කාලයක් සරත් කුමාර් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.
එම කාලය තුළ ඔහු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කරන බව සඳහන් වෙනවා .
මහනුවර, තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක පිහිටා ඇති මෙරට ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා සිලෝන් රිසෝට් වෙත හෙට (06) දින සරත් කුමාර් පැමිණීමට නිමිතව තිබෙනවා.
මීට අමතරව කොළඹ, ගාල්ල, යන ප්‍රදේශවලද සරත් කුමාර් සංචාරය කිරීමට නියමිතයි.
දකුණු ඉන්දීය ප්‍රකට නළු සරත් කුමාර් අරසු, පාරයි, ගාම්භීරම් ඇතුළු චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත රඟපා ඇති අතර ඔහු ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය කලාකරුවෙකි.



