Published
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජල කප්පාදුව සිදු කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව අද සවස 04 සිට හෙට පෙරවරු 07 දක්වා මෙම ජල සැපයුම අත්හිටවනු ලබන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.




