Published
ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද යතුරු පැදියකින් ගමන් කරමින් සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාදම්පේ නගරයේදීයි.
එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන සභිකයෙක් බවයි පොලිසිය පැවසුවේ.
එකම අංකය සහිත යතුරු පැදි දෙකක් මාදම්පේ නගරයේදී මාදම්පේ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා.
එහිදී තහවුරු වී ඇත්තේ සැකකාර ප්‍රාදේශීය සභා සභිකයා ධාවනය කළ යතුරු පැදියේ සවි කර ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බවයි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි මාදම්පේ පොලීසිය පැවසුවේ.




