අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වෙන 2026 ලෝක සවි එසවීමේ (Powerlifting) ශූරතාවලියේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් වී තිබෙනවා.

​මෙම ශූරතාවලියේදී තමන් සහභාගී වූ සියලුම තරග අංශවලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

​ඒ අනුව, මෙම තරගාවලියේ සමස්ත ශූරතාව ද තමන් සතු කර ගැනීමට රන්සිළු ජයතිලකට හැකි වී තිබෙනවා.

​ජාත්‍යන්තර තරග බිමේදී ඔහු දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාව මෙරට ක්‍රීඩා ඉතිහාසයට තවත් අභිමානවත් ජයග්‍රහණයක් එක් කරනු ඇති.