Published
පොළොන්නරුව, නවනගරය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොළොන්නරුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකාර ගුරුවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7,140 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
පොලොන්නරුව, විවේකාරාමගම ප්‍රදේශයේ පදිංචි ඔහු ක්‍රීඩා භාර ගුරුවරයෙකු ලෙස කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ.




