රට තුළ පිරමීඩ ජාවාරම් සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පැවසුවේ මෙවැනි ජාවරම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ජනතාව මෙවැනි ව්‍යාපාරවලට තවදුරටත් ගොදුරු වුවහොත් පිරමීඩ ජාවාරම ශ්‍රී ලංකාවේ වසංගතයක් බවට පත්වනු ඇති බවද ඔහු පැවසුවා.

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළා.