රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතන හිමියන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඇප ලබා පැමිණීමෙන් පසු රතන හිමියන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

 

 

මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින්.