එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයයේ ඉදිරි දේශපාලන ගමන පිළිබද තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත සිදුවූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්,
"සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මුණගැහෙන්න ගිහිල්ලා තියෙනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක්.ගිහින් අහලා තියෙනවා විශේෂයෙන්ම වර්තමානයේ තියෙන දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් සහ ඒවට එරෙහිව අපි මොනවාද කරන්න ඕනේ කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවේදී විතරක් කතා කරලා මදිද? ඔය වගේ දේවල් කතා කරන අතරතුරේදී, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පහුගිය දවසක කරපු ප්‍රකාශයක් ගැනත් මේ කට්ටිය ටිකක් තදට කතා කරලා තියෙනවා." "රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ලූ, 'සජිත් එක්ක මේ ගමන ගිහින් හරි යන්නේ නැහැ' කියලා වගේ කතාවක්. 'ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ අපේ නායකතුමා විදිහට?' කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගෙන් සමගි ජන බලවේගයේ කට්ටිය අහලා තියෙනවා." "එතකොට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියලා තියෙනවා, 'ඕ ගැන එච්චර ඉතින් කලබල වෙන්න අවශ්‍ය නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා' සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කිව්වා කියලා තමයි වාර්තා වෙන්නේ." "කොහොමහරි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නම් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නාමල් එක්ක යන්න, නැතුව අපිත් එක්ක යන්න නෙමෙයි. හැබැයි ඉතින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගොඩක් කැමතියි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් එක්ක යන්න. මොකද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා, 'මේ ගමන යන්න ඕනේ තරුණයෙක් එක්ක' කියලා. ඒ කියන්නේ 'තරුණයෙක් එක්ක' කියන්නේ ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ඉතින් නොකියා කියන්නේ නාමල් එක්ක යනවා වගේ කතාවක් කියලා තමයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කියලා තියෙන්නේ." "හැබැයි ඉතින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න තියෙනවා නම් මරු කියලා තමයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බහුතරයකගේ අදහස වෙලා තියෙන්නේ කියලා මේ කට්ටිය කතා වෙලා තියෙනවා."
''කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවතාරක රුක්ෂාන් ජයසේකර:"කථානායකවරයාට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක් භාර දුන්නා. කොහොමහරි මේ විශ්වාසභංගය මුලින්ම පාර්ලිමේන්තු මහලේකම්ට දුන්නා. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තු සභාලේඛක කාර්යාලයට ගියා. ඒකත් චෙක් කරලා (Check) අවුලක් නැහැ කියලා තීරණය කරලා තමයි පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයට යනවා." "ඒකෙනුත් අනුමැතිය හම්බවෙලා තමයි අදාළ විදිහට අදාළ තැනට යවලා තියෙන්නේ. කොහොමහරි ඔක්කොම ලෑස්ති වෙලා ඉද්දි, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායම් බලාපොරොත්තුවෙන් හිටියා අඟහරුවාදා මේක විවාදයට ගන්න. නමුත් ආණ්ඩුව තීරණය කළා මේක නොගෙන ඉන්න පස්සට දාන්න." "කොහොමහරි ඊට පස්සේ ආණ්ඩුව මේකට සංශෝධන ගේන්න කියලා කියල ඉවරවෙලා වැඩේ කල් දැම්මා. ඉතින් විපක්ෂය නම් කියන විදිහට මේකට සංශෝධන කරන්න අවශ්‍යතාවයක් නැහැ, මොකද මීට කලිනුත් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා." "ඒ කියන්නේ විපක්ෂය කියනවා මේ ආණ්ඩුවට කොහොමහරි තිබුණේ මේක කල් දමා ගැනීමේ උත්සාහයක් මිසක් ඒකේ කිසිම තාර්කික නීතිමය පදනමක් නැහැ. මොකද කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් තිබුණට ඒකට නඩුවක් දාලා නැහැ. ඒ වගේම හිටපු නියෝජ්‍ය කථානායකවරයා ගැන නඩුවක් තිබ්බත් ඒකේ කාටවත් චෝදනා ගොනු කරලත් නැහැ." "මීට කලිනුත් කථානායකවරුන්ට මේ වගේ සිද්ධීන් ගණනාවකදී විශ්වාසභංගයේදී මේ වගේ නඩු තිබිලා තියෙනවා, නමුත් ඒවා පාර්ලිමේන්තුවේ විවාදයට අරන් තියෙනවා. නමුත් මේකෙදි කිසිම තීරණයක් නැහැ කියලා. කොහොමහරි ආණ්ඩුවට තියෙන්නේ දැන් විකල්ප දෙකයි. එකක් යෝජනාව ගෙනැල්ලා පරාජය කරන්න ඕන, එහෙම නැත්නම් කථානායකවරයාට ඉල්ලා අස්වෙන්න කියලා කියන්න ඕන. හැබැයි මේ වෙලාවේ දෙකම සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව කථානායකවරයාව ආරක්ෂා කරන්නෙත් නැහැ කියලා තමයි විපක්ෂයේ කට්ටිය කතා වෙලා තියෙන්නේ."




