රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස් පන්දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් නාරාහේන්පිට, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දුවී, 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කීපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලිකර තිබෙනවා. ඒ අනුවයි අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු හෙට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.