වාහන ආනයනය කිරීම යළි සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වාහන ආනයනය සඳහා පනවා ඇති අධිභාරය ඉවත් කරන්නේ නම් ආනයන ආදායමද වැඩි කරගත හැකි බවයි.
''පසුගිය වර්ෂය වෙනකොට වසර පහක් වාහන ආනයනය නතර වෙලා තිබුණේ. හැබැයි වාහන අවුරුදු පහක් නතර වෙලා තිබුණහම වෙළඳපොළේ ලොකු වාහන හිඟයක් තිබුණා, ඒ කියන්නේ අලුත් වාහන. මොකද ලංකාවේ ඉන්න මධ්‍යම පන්තිය, ඒ වගේම අලුත් තරුණ පරපුර තමන්ට අලුතෙන් දැන් රැකියා වෙළඳපොළට එකතු වෙලා තමන් හොඳ ආදායමක් ලබන්න පටන් ගත්ත තරුණ පරපුරක් ඉන්නවා. එතකොට ඒ අය හැමතිස්සේම තමන්ට වාහනයක් ගැනීමේ සිහිනයක හිටියා. ඉතින් ඒක අපි වසර පහක් තිස්සේ හිර වෙලා තිබුණේ. ඉතින් මේක නිදහස් කරාම ලොකු වාහන ප්‍රමාණයක් රටට ආවා. ඉතින් ඒක දැන්, ඒක දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේක හැමදාම මේ විදිහට තියෙන්නේ නැහැ, මොකද ආයේ ටික දවසක් යනකොට අලුත් වෙළඳපොළේ අලුත් ඉල්ලුමක් ඇති වෙනවා. ඒ ඉල්ලුමට අවශ්‍ය කරන වාහන ආනයනය වෙනවා. ඉතින් දැනට අර රජය විසින් අධිභාරයක් පනවල තියෙනවා, මං හිතන්නේ ඒ අධිභාරය පැනවීම එක හේතුවක් වුණා වාහන ආනයනය පහළ යාමට. හැබැයි ඉතින් මං හිතන්නේ රජය හැමදාම අධිභාරය පනවාගෙන ඉඳීවි කියලා අපිට හිතන්න අමාරුයි. රජය යම් මේක සහනයක් දුන්නොත් ඒක ඉවත් කිරීමක් වගේ දෙයක් කරලා ආනයනය යථා තත්ත්වයට ආපහු පත් වෙන්න පුළුවන්.''

රජය බදු වැඩි කළද කාලයක් ගතවනවිට ජනතාව සිය අවශ්‍යතා වෙනුවෙන් මිළදී ගැනීම සඳහා පෙළෙඹෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කාලා.

"සාමාන්‍යයෙන් ඔය බදු කියන ඒවයේ අපි අත්දැකීමෙන් දන්නවා, බදු වැඩි කරාම තාවකාලිකව ආනයන පහළ යනවා. හැබැයි ටික කාලයක් යනකොට ජනතාව ඒ බදුවලට ඇජස්ට් වෙලා තමන්ට අවශ්‍ය කරන දේවල් ආනයනය කරන්නල බලනවා. දැන් උදාහරණයක් හැටියට ඔබත් කල්පනා කරලා බලන්න දුම්වැටි සහ මත්පැන් වල මිල වැඩි කරගමන් විකිණීම පහළ යනවා. හැබැයි ටික කාලයක් යනකොට ආපහු අර තිබ්බ ගානටම එනවා. මොකද පාරිභෝගිකයෝ ඒ තමන් ඒක පාරිභෝජනය කරපු කට්ටිය තමන්ට ඒ අවශ්‍යතාවය ඒක ගන්නවා අර මුලින් අපෝ මේක ගාන වැඩියි කියලා යම් නතර කිරීමක් වගේ දෙයක් කරත් බොහොම සීමිත කාලයකට විතරයි ඒක තියෙන්නේ. ඉතින් ඒක රටේ මං හිතන්නේ ඒ ආර්ථික ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පැවතීමත් මන් හිතනවා මේ රේගු ආදායම් ඉහළ යාමට එක ප්‍රධාන හේතුවක් කියලා. ඉතින් ඒ අපි දකිනවා ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා."