ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පිහිටි උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් එහි සිටි සිසුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්න හටගන්නා අවස්ථාවේදී විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් සිය ජීවිත බේරා ගැනීම සදහා බොහෝ සිසුන් එම ගොඩනැගිල්ලේ පළමු මහලෙන් පහළට පැන තිබෙනවා.

එහිදී තුවාල ලැබූ සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වුණා.

වාණිජ කලාපයක පිහිටි මෙම තෙමහල් ගොඩනැගිල්ලේ, උපකාරක පන්ති මධ්‍යස්ථානයට අමතරව ක්‍රීඩා කලාපයක් , සුරතල් සතුන්ගේ මෙවලම් අලෙවිසැලක් සහ සත්ත්ව සායන මධ්‍යස්ථානයක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයක්ම පවත්වාගෙන ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.