Published
බීමත් රියදුරන් පරික්ෂා කිරීම සඳහා පොලීසිය සතු උපකරණවල හිඟය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මේ වන විටත් ඊට අදාළ උපකරණ මෙරටට ගෙන්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒවා කඩිනමින් පොලිස් ස්ථාන වෙත බෙදා දීමටද කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.
බීමත් රියදුරන් පරික්ෂා කිරීම සඳහා පොලීසිය සතු උපකරණවල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවලට චෝදනා එල්ල වන රිය අනතුරේ සිද්ධියත් සමගයි.
එම අවස්ථාවේ ඔහු බීමතින් සිටියාදැයි පොලීසිය විසින් පරික්ෂා කර නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.




