සෑම වසරකදීම වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ අලුත් අවුරුදු උත්සව සතියේදී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළේ අනතුරු අවම කර ගැනීම සදහා සුපරික්ෂාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වන බවයි.
වසරේ සෙසු කාලසීමාවන්ට වඩා අලුත් අවුරුදු සතියේදී සිදුවන අනතුරුවලින් මියයන සංඛ්‍යාවද වැඩි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
සාමාන්‍යයෙන් රිය අනතුරුවලට ලක්ව සතියකට රෝහල්ගත වන පුද්ගලයන් සංඛ්‍යාව 25,000 ත් 26,000 ත් අතර වනවා.
එහෙත් සෑම වසරකම පාහේ අවුරුදු සතියේදී එලෙස රෝහල්ගත වන පිරිස 29,000 ක් පමණ දක්වා ඉහළ යන බවද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවා.
එවන් පසුබිමක් යටතේ අවුරුදු කාලසීමාවේදී කුඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ.




