සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන කෙහෙල්බද්දර පද්මෙගේ ප්‍රධානතම ගෝලයා වන තිලිණ සම්පත් නොහොත් ‘වලස් කටා’ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ගොඩනැගිල්ලෙන් පැන මෙලෙස පලායෑමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඉන් ඔහුගේ දෙපාවලට සහ එක් අතකට හානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූ ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එහි 72 වන වාට්ටුවේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන ලබනවා.
ඔහුගේ දෙපා කැඩී ගොස් ඇති අතර එක් අතක් වැළමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවද පොලීසිය පැවසුවා.
රාත්‍රි 9:15ට පමණ සැකකරුට වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී අත්මාංචු ගලවා නිලධාරීන් සිව් දෙනෙකු සමග ඔහු වැසිකිළියට ගොස් තිබෙනවා.
එහිදී වැසිකිළියට යන අතරතුර වලස් කටා නිලධාරීන්ට පහරදී තුන්වන මහලින් බිමට පැන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුට්ලර් මහතා පැවසුවේ.
සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී ‘වලස් කටා‘ පසුගිය දා අත්අඩංගුවට ගැණුනේ මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක්ද සමගයි.
ඉන්අනතුරුව ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමටයි පොලිසිය අධිකරණයෙන් අවසර ලබා ගත්තේ.



