ජාතික පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා මෙම මසට අදාළ වැටුප මෙතෙක් ලබා දී නොමැති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා.
එහි සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ සෑම මසකම 20 වනදා එම පාසල් ප්‍රජාවට වැටුප ලැබෙන බවයි.
ඒ අනුව අද දිනයේ වැටුප් නොලැබුණොත් සමස්ත ජාතික පාසල්වල වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාද අදහස් පළ කළා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගෙන් විමසීමක් කළා.
ලේකම්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියාසිටියේ කොළඹ, ජයවර්ධනපුර සහ කළුතර අධ්‍යාපන කලාප කාර්යාලවලට පමණක් අයත් පාසල්වල සේවයේ නිරත පිරිසට පමණක් එලෙස වැටුප් ලැබී නොමැති බවයි.
එම පිරිසේ බැංකු ගිණුම්වලට අද පස්වරු 3 පමණ වනවිට වැටුප් ලැබෙනු ඇති බවද අධ්‍යාපන ලේකම්වරයා කියාසිටියා.
එම පිරිසට වැටුප ලැබීම ප්‍රමාදවී ඇත්තේ බැංකු පද්ධතියේ පවතින ක්‍රමවේදයක් හේතුවෙන් බවට අනුමාන කරන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.