සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ අධීක්‍ෂණ රාජකාරී සඳහා පත් කර තිබෙනවා.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදියි.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස දැනට රාජකාරී කරන අතර එම තනතුරට අමතරව විශේෂ රාජකාරී පදනම යටතේ මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.