සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.
ඒ, ලකුණු 158ක් රැස්කර ගනිමින්.
ඔහු බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ද ලකුණු 150 සීමාව පසුකර ගියා.
ඒ අනුව පිට පිට ටෙස්ට් තරග දෙකකදී පැතුම් නිස්සංක අඛණ්ඩව 150 සීමාව පසුකර ගිය දෙවන අවස්ථාව මෙයයි.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 06ක් දැවී ලකුණු 401ක් රැස්කර ගෙන සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 154ක්.
අද උදෑසන තරග සමයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලු හතරක් බිඳ වැටුනා.
ඒ අනුව පැතුම් නිස්සංක ලකුණු 158කටත් ප්‍රභාත් ජයසූරිය ලකුණු 10කයත් නායක ධනංජය ද සිල්වා ලකුණු 07කටත් දැවී ගියා. කමිඳු මෙන්ඩිස් ලකුණු 33යි.
නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් සහ නවක ක්‍රීඩක සොනාල් දිනූෂ ලකුණු 08ක් රැස්කර ගෙන සිටියා.