Published
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුල වැටුප් ලෙස රුපියල් පනස් එක් ලක්ෂ පනස් දහස් හයසිය විසි හයක පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වුණා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව ප්රකාශ කළා.
ඊට දීමනා ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු එහිදී කියා සිටියා.




