Published
ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නීතීඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සහ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
මේ අතර ආන්දෝලනාත්මක කන්ටේනර් සිද්ධිය සහ ඉකුත් දා සිදු වූ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
සිදු වූ කැබිනට් සංශෝධනයට බලපෑ ප්‍රධාන හේතුව රජයේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසුවා.
මේ අතර විදුලි බිල සංශෝධන සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.




