ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ වසර 46කට ආසන්න කාලයක් ප්‍රධානාචාර්‍යවරයා වශයෙන් කටයුතු කල සරත් ශ්‍රී ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 80වන වියෙහි පසුවුණා.

කෙසෙල්වත්ත ශ්‍රී ධම්මානන්ද දහම් පාසල පානදුර පුරවරය පුරා කීර්තිමත් දහම් පාසලක් ලෙස ඉදිරියට ගෙන ඒමට නායකත්වය ලබා දෙමින් ධම්මානන්ද දහම් පාසල ස්වර්ණමය අවධියක් කරා පියමන් කරන්නට එතුමා කල අපරිමිත සේවය මෙතෙකැයි කියා නිම කල නොහැකියි.

අභාවප්‍රාප්ත සරත් ශ්‍රී ප්‍රනාන්දු මහතාගේ දේහය දිග්ගල පාර (පල්ලිය පාර අසල) එතුමාගේ නිවසේ හෙට පස්වරු 04 දක්වා අවසන් ගෞරව දැක්වීමට තැන්පත් කර තිබෙනවා.