වත්මන් ආණ්ඩුව විපක්ෂය මර්ධනය කිරීමට කටයුතු කරමින් ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද චෝදනා කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමා අමාත්‍යවරයාව සිටි සමයේ නිවාස අධිකාරියේ සිදු වූ සියලු කටයුතු සිදු කළේ ජනතාව වෙනුවෙන් බවයි.
ඒ, අදාළ සමයේ සිදු කළ ව්‍යාපෘති පිළිබඳ ආණ්ඩුව විසින් සිදු කරන විමර්ශනය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදීයි.
ඔහු මෙම අදහස් පළ කළේ නඩුවකට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද අධිකරණයට පැමිණි අවස්ථාවේ එම අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියා.
එම අවස්ථාවට පැමිණ සිටි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පළ කළේ මෙවන් අදහසක්.
කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ වැරදි කළ පුද්ගලයින් දැන් කලබල වී ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පැවසුවේ ආණ්ඩුව විපක්ෂය මර්දනය කරනවා සේම ජනතාවද මර්දනය කිරීම ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් නීතිය හමුවට පමුණුවමින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන බවයි.