එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් පකිස්ථාන සේවකයින් 15,000ක් දක්වා පිරිසක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති බව වාර්තා වේ.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස පිටුවහල් කළ පිරිසෙන් බහුතරයක් ෂියා මුස්ලිම්වරුන් බවයි.
කිසිදු නිල චෝදනාවකින් තොරව මෙම පිටුවහල් කිරීම් සිදු කර ඇති බව 'නිව් ලයින්ස්' (New Lines) සඟරාව වාර්තා කරයි.
බොහෝ සේවකයින් වසර ගණනාවක් හෝ දශක ගණනාවක් එමීර් රාජ්‍යයේ සේවය කර තිබුණද, ඔවුන්ට තම බැංකු ගිණුම්වල ඇති මුදල් ලබා ගැනීමට හෝ මූල්‍ය කටයුතු පියවා ගැනීමට අවස්ථාවක් ලබා නොදී, ඇඳ සිටි ඇඳුම් පිටින්ම පිටුවහල් කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් නාවිකයින් 20,000ක් පමණ පර්සියානු ගල්ෆ් කලාපයේ අතරමංව සිටින බව ගණන් බලා ඇත.
එක්සත් ජනපද සහ ඊශ්‍රායල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර තම නෞකාව අවට පුපුරා යද්දී, සති කිහිපයක් පුරා ඉරාන වරායක සිරවී සිට පසුගිය බ්‍රහස්පතින්දා නැවත ඉන්දියාවට පැමිණි ඉන්දියානු නාවිකයෙකු පිළිබඳව ද මෙහිදී වාර්තා වේ.




