පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට බන්ධනාගාරයක් තුළදී ඝාතනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පකිස්ථාන මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.
පකිස්ථානයේ ඉන්ටර් නිවුස් පුවත් සේවාවේ ආරක්ෂක තත්ත්ව වාර්තාකරුවෙකු වන සමීර් අසාදි නෙත් නිවුස් වෙත විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ එවැනි කරුණක් සම්බන්ධයෙන් පකිස්ථාන බලධාරීන් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.
අදාළ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ව්‍යාජ පුවතක් බවද ඔහු කියා සිටියා.
බන්ධනාගාරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ සුවදුක් විමසීමට ඔහුගේ සහෝදරියන්ට මාසයක පමණ කාලයක් බන්ධනාගාර නිලධාරීන් ඉඩ ලබා නොදීම හේතුවෙන් ඔහු ඝාතනය කර ඇති බවට සැක පළව තිබුණා.
ඉම්රාන් ඛාන් රඳවා සිටි රාවල්පිණ්ඩි බන්ධනාගාරයෙන් ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කර ඇති බවට පළවන වාර්තා එරට බන්ධනාගාර බලධාරීන්ද ප්‍රතික්ෂේප කරනවා.
ඉම්රාන් ඛාන් වසර 14ක සිර දඬුවමක් නියම වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ ඉඩම් දූෂණ නඩුවක් ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.




