ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිල ගණන් ද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට වැඩිම අලෙවියක් සහිත ගල් අරක්කු මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් සහ ගල් අරක්කු බෝතල් භාගයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, පරණ අරක්කු බෝතලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 50කින්.

මීට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් වැඩි කර තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර ද අදාළ සමාගම් විසින් වෙනත් මත්පැන් වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් බියර් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නැහැ. මීට පෙර මත්පැන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වුව ද, මේ වනවිට එවැන්නක් ක්‍රියාත්මක නොවන බැවින් පවතින වියදම් හමුවේ මිල ගණන් වැඩි කිරීමට සිදුවූ බවයි මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් සඳහන් කරන්නේ.