ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා

ඔවුන් අද දින උදෑසන 07.30 ට මාළදිවයින මාළේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එම නිල සංචාරය සඳහා එක්ව තිබෙනවා.

මෙම පිරිස 07/30 දින මෙම සංචාරය නිමා කර ආපසු පැමිණීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ