උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

ලංකා ගමනාගමන මණ්ඩලය ද සඳහන් කළේ පළාත් කිහිපයක සිට කොළඹට පැමිණෙන ජනතව වෙනුවෙන් බස් රථ සූදානම් කර ඇති බවයි.

මේ අතර ලබන 30 වනදා අලුයම 05.00ට මාතර සිට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.