Published
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට වාර්තා වනවා.
ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි එස්.එම්. චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේ.
එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.