Published
දරු උපත් ලියාපදිංචි කිරීම සහ ගර්භණී මව්වරු ලියාපදිංචි කිරීම යම් අඩුවක් දක්නට ලැබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.
කෙසේවෙතත් එම තත්ත්වයන් තාවකාලික බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.