පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි රජයේ ප්‍රධාන රෝහලක (PIMS) ළමා සහ මාතෘ අංශයේ හටගත් හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (26) උදෑසන කාලයේ රෝහලේ ළමා දැඩි සත්කාර අංශයේ පැවැති වායු සමනය කිරීමේ යන්ත්‍රයක (Air Conditioner) කොම්ප්‍රෙසරයක් පිපිරී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හටගන්නා අවස්ථාවේදී එම අංශයේ කුඩා ළමුන් 15 දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් බිළිඳෙකු පමණක් ආරක්ෂිතව බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව තදින් නිතිය ක්‍රියාත්මක කරන ලෙස පකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් නියෝග කර තිබෙනවා.

එමෙන්ම ගින්න හටගැනීමට හේතුව සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක්ද පත් කර ඇති බවයි පකිස්තාන බලධාරීන් සඳහන් කළේ.