ආසියාවේ හොඳම සහ ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ශ්රී ලංකාවේ ආරුගම්බේ ශ්රේණිගත වී තිබෙනවා.
ඒ කොන්ඩේ නාස් ට්රැවලර් (Condé Nast Traveller) විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකදීයි.
මෙම සමීක්ෂණයෙහි ප්රතිඵල අනුව ආසියාවේ හොඳම සහ ආකර්ශනීයම වෙරළ තීර 20 අතරට ශ්රී ලංකාවේ වෙරළ තියෙන හතරක් ඇතුළත්ව තිබීම ද විශේෂත්වයක් වනවා.
එහි ප්රථම ස්ථානය සඳහා ශ්රේණිගත වී ඇති ආරුගම්බේ Surfing හෙවත් රළ මත ලිස්සා යාම සඳහා ඉහළම ජනප්රියත්වයක් සහිත වෙරළ තීරයක්.
ශ්රේණිගත කිරීමේදී ඒ සඳහා ලකුණු 98.84ක් ලැබී තිබෙනවා.
මෙම ශ්රේණිගත කිරීමට අනුව ආසියාවේ හොඳම සහ ආකර්ශනීයම වෙරළ තීර අතර 9වන ස්ථානය ලැබී ඇත්තේ බෙන්තොට වෙරළ තීරයටයි.
ඒ සඳහා ලැබී ඇති ලකුණු ගණන 88.33ක්.
මීට අමතරව, තංගල්ල වෙරළ තීරය ලකුණු 83.33ක් ලබාගනිමින් 14 වන ස්ථානයටත්, මීගමුව වෙරළ තීරය ලකුණු 78.92ක් ලබාගනිමින් 19 වන ස්ථානයටත් ශ්රේණිගත වී තිබෙනවා.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට ශ්රේණිගත වී තිබෙන්නේ තායිලන්තයේ රේලි (Railay) වෙරළ තීරයයි.
මැලේසියාවේ පැංකෝ දූපතේ පිහිටි කොරල් වෙරළ (Coral Beach) තුන්වැනි ස්ථානයට ශ්රේණිගත වී තිබෙනවා.




