ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් අද දිනයේ දි කොළඹට කැඳවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

අද පස්වරු 3.00 සියලුම නීතිඥවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ.

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක දී නීතිඥවරයෙක් ඉලක්ක කරගෙන සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්දව ඉදිරියේදි ගනු ලබන ක්‍රියාමාර්ග මෙහිදි සාකච්ඡා කරන බවයි එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා වැඩි දුරටත් සදහන් කළේ.