අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් සපයන පොදු පහසුකම් තවදුරටත් වැඩි කිරීමට මහනුවර මහනගර සභාව පියවර ගෙන තිබෙනවා. 

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවේ පොදු ජල ටැංකි රැසකට ස්ථාවර ජල සැපයුම් ලබා දීමට මෙන්ම තවත් ජංගම වැසිකිළි පද්ධති කිහිපයක් නගරය තුළ ස්ථාපිත කිරීමටද පියවර ගෙන ඇති බවයි.