දශක දෙකක් පුරා මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් තිළිණ කළ නෙත් එෆ් එම් රේඩියෝව නෙත් ශ්‍රාවකයන්ට ආශිර්වාදයක් ලබා දෙනු වස් නවතම වැඩසටහනක් අද පස්වරුවේ සිට ඔබ වෙත සමීප කරනවා.
ඒ, ‘නෙත් එෆ් එම් බුදුගුණ හැන්දෑව’ ලෙසින්.
පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ සුගායනීය හඬින් ‘නෙත් එෆ් එම් බුදුගුණ හැන්දෑව’ ආශිර්වාද බොධි පූජාව අද සවස 06 සිට සෑම දිනකම ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරු නෙත් එෆ් එම් ජ්‍යේෂ්ඨ කළමනාකරු – ආගමික වැඩසටහන් වරුණ එදිරිසිංහගෙන්.
මේ අතර සීමා මායිම් අබිබවා සත්‍ය තොරතුරු නිවැරදිව, පළමුව ගෙන එන නෙත් නිවුස් සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය අද සිට සවස 06යි 30ට ප්‍රචාරය කෙරෙනවා.
මෑතක සිදුකළ සමීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස අපගේ ශ්‍රාවකයන්ට වෙනදටත් වඩා කලින්ම නිවැරදි සහ කාලීන ප්රවෘත්ති දැනගැනීමට අවස්ථා ලබාදීම මෙහි අරමුණයි.
ඒ අනුව වෙනදාට වඩා වැඩි ප්රවෘත්ති ප්‍රමාණයක්, වැඩි වේලාවක් තුළ නිවැරදි විශේලේෂණද සමග ඔබ වෙත සමීප කරවීමට නියමිත අතර නෙත් නිවුස් සවස ප්‍රධාන ප්රවෘත්ති සමග සවස 06යි 30ට එක්වන්න ඔබ සැමට අප ආරාධනා කර සිටිනවා.