Published
බදු ගෙවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය විසින් තීරණය කර ඇති බදු සතිය අද සිට ආරම්භ වනවා.
‘බදු ශක්ති’ ලෙස නම් කර ඇති මෙම බදු සතිය අද සිට 08 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මේ, සම්බන්ධයෙන් කරුණු දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී කේ එස් ශාන්ත මහතා.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අනුකූලතාව වර්ධනය කර ගැනීම සහ බදු ගෙවන්නන්ගේ ලියාපදිංචිය වැඩි කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර් පී ජී එච් ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ.